ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැහැරගත් දැරියන්ගේ බව සැලකෙන වීඩියෝවක්

12 මැයි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 12:14 GMT

මීට සති හතරකට ඉහතදී පැහැර ගන්නා ලද දැරියන් බව විශ්වාස කෙරෙන දැරියන් සියයකට වැඩි පිරිසක් සිටින වීඩියෝ පටයක් නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

මුළු සිරුරම වැසෙන පරිදි හිජාබ් ඇඳුමෙන් සැරසී එළිමහනේ සැරසී සිටින එම දැරියන් පිරිස කුරානයේ පාඨ ගායනා කරමින් සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ.

වීඩියෝ පටයේ අදහස් දක්වන දැරියන් දෙදෙනකු පවසන්නේ තමන් ක්‍රිස්තියානි ලබ්ධිකයන් වූ නමුත් පසුව ඉස්ලාම් ආගම වැළඳගත් බවයි.

තමා මුල සිටම ඉස්ලාම් භක්තිකයකු වූ බව අනෙක් දැරිය පවසයි.

තමන්ට කිසිදු අතවරයක් නොවූ බවද එක දැරියක්‌ වීඩියෝ පටයේ සඳහන් කරයි.

දැරියන් පිරිස නිදහස් කරන්නේ අත් අඩංගුවේ සිටින සිය සංවිධානයේ සාමාජිකයන් නිදහස් කරනු ලබන්නේ නම් පමණක් බවයි, එහි අදහස් දක්වන බොකෝ හරාම් සංවිධානයේ නායක අබුබකර් ශෙකාවු පවසන්නේ.