'පතල්කරුවන්ගේ මුදලින් පාර හදන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 21 සඳුදා - 18:00 GMT

නිලධාරීහු ගිලා බැස ඇති ස්ථානය නිරීක්ෂණය කළෝය

මැණික් පතලක දෝනා යාම නිසා ගිලා බැස ඇති කුරුවිට සිට පාතගම හරහා ගෝනපිටිය පාර නිරීක්ෂණයට වගකිවයුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් පැමිණියත් තමන්ට සුබදායක විසඳුමක් නොලැබුණ බව ප්‍රදේශවාසීහු පවසති.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ඩබ් ජී සෙනෙවිරත්න නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ පාරට දෝනා කපා ඇති පතල් වල හිමිකරුවන්ගෙන් පාර අලුත්වැඩියාවට යන මුදල අය කර ගත යුතු බවයි.

නිලධාරීන් සහ දේශපාලනඥයන් පැමිණියත් සුබදායක විසඳුමක් නොලැබුණ බව ප්‍රදේශවාසීහු පවසති

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ඩබ්.ජී.සෙනෙවිරත්න, සබරගමු පළාත් සභාවේ මාර්ග සංවර්ධන ඇමති අතුල කුමාර රාහුබද්ධ, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්ජිනේරුවරු, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු ගිලා බැස ඇති ස්ථානය නිරීක්ෂණය කළෝය.

මෙම මාර්ගය යටින් තවත් මැණික් පතල් දෝනා ඇත්නම්, පාර මීටර පනහක් යථා පරිදි සැකසීමට රුපියල් කෝටි තුන හමාරක්වත් වැය වනු ඇතැයි පළාත් මාර්ග අධිකාරියේ ඉංජිනේරුවරු පෙන්වා දුන්හ.

මාර්ගයක් අයිනේ මැණික් පතල් කැපීමේදී අනුගමනය කලයුතු කොන්දේසි කඩ කර මෙම පතල් කපා ඇති බව මෙම නිරික්ෂණයේ දී සහතික විය.

පොදු දේපළ හානිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.