ජාත්‍යන්තර පරීක්ෂණයට සහය දෙන්න - ටීඑන්ඒ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 28 සිකුරාදා - 18:36 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට සහාය දෙන මෙන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට සහාය දෙන මෙන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

'ඉන්දියාවේ තීන්දුවට ගරු කරනවා'

යෝජනාවට සහාය දෙන මෙන් තමන් ජිනීවා නුවරදී ඉන්දියාව ඇතුළු සියලු රටවලින් ඉල්ලීමක් කළ බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන්, කෙසේ නමුත් සිය ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව තීන්දුවක් ගැනීමේ ඉන්දියාවේ අයිතියට ගරු කරන බවද සඳහන් කළේය.

ඔහු සංදේශය සමඟ එම අදහස් පළ කළේ ජිනීවා නුවර සිට යලි ශ්‍රී ලංකාව බලා පිටත් වීමට මොහොතකට කලින්.

'ශ්‍රී ලංකාවාසීන්ගේ ජයග්‍රහණයක්'

මේ අතර, ජාත්‍යන්තර පරීක්ෂණයේදී සාක්ෂි දීමට ඉදිරිපත් වන සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සලසන්නේ කෙසේ දැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන මෙන් ගෝලීය දෙමළ සංසදය මහ කොමසාරිවරියගෙන් ඉල්ලීමක් කරයි.

පරීක්ෂණ පැවැත්වීම පිණිස මහ කොමසාරිස්වරියට සිය පූර්ණ සහාය හිමි වන බව පවසන ගෝලීය දෙමළ සංසදයේ නිවේදනයක්, ඒ සඳහා සහාය නොදෙන්නේ නම් ඇතිවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුවත් කළ යුතු බවද සඳහන් කරයි.

යෝජනාවට ඇතුලත් කාල සීමාවට පරිබාහිරව ජාතික ගැටලුවේ පසුබිම පවා විමසා බැලීමට යෝජනාවෙන් අවස්ථාව සැලසෙන බවයි, මේ අතර බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසන්නේ.

යෝජනාව සම්මතවීම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජයග්‍රහණයක් බවද බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ ප්‍රකාශක රාජ් කුමාර් බීබීසී සංදේශයට කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.