ජිනීවා යෝජනාවට ඩයස්පෝරාවේ ප්‍රසාදය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 24 සඳුදා - 19:26 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මහ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් යනු ජාත්‍යන්තර පරීක්ෂණයක් බව අවධාරණය කරන විදේශගත දෙමළ ප්‍රජාව, සංශෝධිත ජිනීවා යෝජනාවට ප්‍රසාදය පළ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් යනු ජාත්‍යන්තර පරීක්ෂණයක් බව විදේශගත දෙමළ ප්‍රජාව අවධාරණය කරයි.

තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් බොහොමයක්ම නව කෙටුම්පතට ඇතුලත් බැවින් එයට සිය ප්‍රසාදය හිමි වන බවයි, ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

'අපි මේ යෝජනාවට ගොඩක් කැමතියි'

උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ විමර්ශනයට ලක්වූ 2002 සහ 2009 කාලය ඇතුලත සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට සංශෝධිත යෝජනාවේ අඩංගු වීම පිළිබඳව සුරේන් සුරෙන්දිරන් ප්‍රසාදය පළ කළේය.

1970 දශකයේ සිට, විශේෂයෙන්ම යාපනය පුස්තකාලය ගිණි තැබීම සහ 1983 ප්‍රහාර ඇතුළු බොහෝ සිදුවීම් පරීක්ෂණයට භාජනය වූයේ නම් තමන් වඩාත් කැමති වුවත්, 2002 සිට සිදුවූ උල්ලංඝණයන් පරීක්ෂා කිරීමද වැදගත් බවයි, ඔහු සංදේශයට කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.