රහසිගත න්‍යායපත්‍රයක් නෑ - යස්මින් සූකා

23 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:46 GMT

ශ්‍රී ලංකාවට එරෙහි න්‍යායපත්‍රයක් යටතේ ක්‍රියා නොකරන බව පවසන ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදිනී යස්මින් සූකා, ශ්‍රී ලංකාවේ සාමය උදා වනු දැකීම සිය අපේක්ෂාව බව අවධාරණය කරයි.

ඇය ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ දෙමළ රැඳවියන් වද බන්ධනවලට ලක් කරන බවට සහ ලිංගික අතවර කරන බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේදී ප්‍රකාශයට පත් වූ වාර්තාවක් පිළිබඳව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වන මෙවැනි චෝදනා යටි අරමුණක් සහිතව සිදු කෙරෙන දිගු කාලීන ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් බවට හමුදාව කරන චෝදනාවද යස්මින් සූකා ප්‍රතික්ෂේප කරයි.

(ඇය සමඟ කළ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න)