එතෙර ගැයෙන සිංහල ගී

23 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:13 GMT

එතෙර සිටින ලාංකිකයන් ගේ සවන් පත් සනහා ලන්නට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායක ගායිකාවෝ නිතර දෙවේලේ විදෙස් සංචාරයන් හි යෙදෙති.

බටහිර සංගීතය නිරන්තරයෙන් කන් වැකෙන පරිසරයක දිවි ගෙවතත් විදෙස් ගත ලාංකිකයන්ගේ සංගීත රසඥතාව ඉතා ඉහළ මට්ටමක පවතින බවයි සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහස.

නව පරපුරේ ගායක ගායිකාවන් මහා පරිමාණයෙන් ක්ෂේත්‍රයට පිවිස තිබියදී පවා තවමත් විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගෙන් වැඩි ඉල්ලුමක් පවතින්නේ ප්‍රවීනයන්ටම බවයි ප්‍රසංග සංවිධායකයන් කියා සිටින්නේ.

සංගීත ප්‍රසංග සඳහා මෑතක දී විදෙස් සංචාරයන් හි යෙදුණු නන්දා මාලිනී, වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ සහ දීපිකා ප්‍රියදර්ශනී සමඟ තිසර රතුවිතාන කළ කතා බහක හඬ පටයට සවන් දෙන්න.