ආගමික නායකයෝ ජිනීවා විවාදයේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 8 සෙනසුරාදා - 16:56 GMT
religioues leaders in protest

නිහඬ විරෝධතාවයට එක්වූ සර්ව ආගමික නායකයින්

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමෙන් වළකින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කිරීමේ නිහඬ විරෝධතාවක් අද සර්ව ආගමික නායකයින් විසින් පවත්වනු ලැබුණි .

අද (සෙනසුරාදා) දහවල් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රැස් වූ සර්ව ආගමික නායකයෝ එම නිහඬ වීරෝධතාව පැවැත්වුහ.

පූජ්‍ය මාලබේ මදුරසිරි හිමියන් බී බී සි යේ කේ.එස් උදය කුමාර් සමඟ කියා සිටියේ, රටේ සියලු ජාතීන් අතර පවතින සමගිය කඩාකප්පල් කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ යෝජනා ඉදිරිපත් කරන බවයි.

තිලකසිරි ජයවර්ධන පියතුමා අදහස් දක්වමින් කියා සිටියේ, ජිනීවා යෝජනා වලින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමක් සිදු වුනොත් ඉන් පීඩාවට පත් වන්නේ රජය නොව සාමාන්‍ය ජනතාව බවයි.

“අපේ රටට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමක් සිදු කෙරුනොත් ඊට මුහුණ දීමට ලක් වැසියන් සංවිධානය විය යුතු බවයි” ඉස්ලාමිය පූජක මහාචාර්ය මොහමඩ් ෂරිෆ් ප්‍රකාශ කළේ.විරෝධතාවෙන් අනතුරුව විරෝධතාකරුවෝ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සන්දේශයක් ද භාර දුන්හ.

මානව හිමිකම් කඩවීම්

මේ අතර ශ්‍රී ලංකාවේ සිදු වෙන මානව හිමිකම් කඩවීම් ගැන කරුණු දැක්වීම සඳහා තමන් ජිනීවා බලා යන බව කටුනායක ගුවන් තොටුපළින් නික්ම යාමට පෙර පූජ්‍ය බැදීවැව දියසේන හිමියෝ බීබීසියේ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සමඟ ප්‍රකාශ කළහ.

පුජ්‍ය බැදීවැව දියසේන හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ තමන් මේ ගමන පිටත්ව යන්නේ ශ්‍රී ලංකාවාසීන් පාවා දීමට නොව දැනට රටේ සිදු වන මානව හිමිකම් කඩවීම් පිළිබදව සාකච්ඡාවක නිරත වීමට බවයි .

" අපේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් ,මාධ්‍ය නිදහස නීතිය හා සාමය පිළිබඳව තවදුරටත් නිහඩව සිටීමට සුදුසු නැතැයි" උන්වහන්සේ පැවසූහ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.