පුදුකුඩුඉරිප්පුවෙන් සමූහ මිනී වළක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 28 සිකුරාදා - 18:17 GMT

(සංරක්ෂිත දර්ශන)

මුලතීව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු පොලිස් වසමෙහි මුන්ගිල්ලාරු ගම්මානයේ ගෙවත්තකින් මිනිස් ඇටසැකිලි නමයක් හමුවී තිබේ.

සමූහ මිනී වලේ ඇටසැකිලි වලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ගේ බව යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස් සිවරූබන් ප්‍රකාශ කළේය.

මළසිරුරු සමඟ තිබූ ඇඳුම් විනාශ වී ගොස් තිබුනත් නයිලෝන් කොටස් සහ එක් ජාතික හැඳුනුම්පතක් හමු වී තිබෙන බව අධිකරණ වෛද්‍යවරයා හෙළිදරව් කළේය.

2009 වසරේදී මුන්ගිල්ලාරු ගම්මානයට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වී ඇති බව කට උත්තර දුන් පළාත් වාසීන් පවසන බවයි,අධිකරණ වෛද්‍ය නිලධාරි එස් සිවරූබන් කියා සිටියේ.

අවුරුදු විස්සක පමණ කාලයක් කොටි සංවිධානය එම ප්‍රදේශය පාලනය කළ බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී ප්‍රකාශ කළේ.

වැඩි දුර පරීක්ෂණ සඳහා අස්ථි කොටස් යොමු කොට ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.