සහරා සමාගමේ අධිපති අත් අඩංගුවේ

  • 28 පෙබරවාරි 2014
සහරා සමාගම කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයාද විය

ඉන්දියාවේ ඉහලම පෙලේ ව්‍යාපාරිකයකු වන සුබ්‍රාටා රෝයි අධිකරණයට භාර විය.

ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වරෙන්තුවක් නිකුත් කිරීමෙන් දින දෙකකට පසුවයි සහරා සමාගමේ ප්‍රධානියා අධිකරණයට භාර වුනේ.

බැඳුම්කරවල මුදල් ආයෝජනය කළ පුද්ගලයන්ට ඩොලර් කෝටි ගණනක මුදල් ආපසු ලබා දීමට අපොහොසත් වූ බවට චෝදනා ලබා සිටින ඔහු, පසුගිය බදාදා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතව සිටියේය. එම බැඳුම්කර නීති විරෝධී බව මෑතදී තීන්දු කෙරිණ.

ඔහුට එදින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූයේ, සිය මව අසනීපයෙන් පසු වූ බැවින් බව පවසන ඔහුගේ පවුලේ සාමාජිකයෝ, සිකුරාදා ඔහු ලක්නවු නුවර අධිකරණයට භාර වූ බවද සඳහන් කළහ.

බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා ව්‍යාපාර කටයුතුවල යෙදෙන සහරා සමාගම කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයාද විය.

ලබන මාර්තු හතර වෙනි දින මීළඟ නඩු දිනය තෙක් සුබ්‍රාටා රෝයි රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.