ඉන්දු-ලංකා ඒකාබද්ධ ධීවර ව්‍යාපාර යෝජනාවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 24 සඳුදා - 12:29 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාර ආරම්භ කිරීමේ යෝජනාවක් මීළඟ සාකච්ඡා වාරයේදී ඉදිරිපත් කිරීමට සූදානම් බව ධීවර ඇමති රාජිත සේනාරත්න පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාර ආරම්භ කිරීමේ යෝජනාවක් ලබන මාර්තු මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු-ලංකා ධීවර සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට සූදානම් බව ධීවර ඇමතිවරයා පවසයි.

ඉන්දීය සාගරයේ ධීවර සම්පතින් සියයට හතලිස් අටක්ම භුක්ති විඳින්නේ යුරෝපා සංගමයේ රටවල සිට පැමිණෙන ධීවරයන් බව බීබීසී සංදේශයට කියා සිටි අමාත්‍ය රාජිත සේනාරත්න එය අවප්‍රමාණ කිරීම සිය යෝජනාවේ අරමුණ බවද පැවසීය.

'යුරෝපයට යන 48% ක් මාළුවලට සත පහකවත් මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නෑ'

"යුරෝපයට යන 48% ක් මාළුවලට සත පහකවත් මුදලක් ඒ ඉන්දීය සාගරයේ රටවල්වලට හරි ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම යුරෝපා ධීවරයින්ට මෙන් විශාල ධීවර නෞකා සහ වෙනත් අවශ්‍ය තාක්ෂණය තවමත් දෙරට ධීවරයන් සතුව නොමැති බැවින් යුරෝපා ධීවරයන් මසුන් අල්ලන ස්ථානවල ධීවර කර්මාන්තයේ යෙදී එම මත්ස්‍යයන් යුරෝපා ධීවරයන්ට විකිණීම තමන්ගේ යෝජනාව බවද අමාත්‍ය සේනාරත්න පැවසීය.

අදාළ යෝජනාව යටතේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයන්ටත්, ඉන්දීය මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ධීවරයන්ටත් සිය රැකියාවේ නිරතවීමේදී මතු වන ගැටලුවලට දෙරටටම වාසිදායක ආකාරයේ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට අවස්තාව සැලසෙනු ඇති බවට ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

එක්වරම ගැඹුරු මුහුදට යා නොහැකි වීම ඉන්දියානු ධීවරයන් මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් බව පවසන අමාත්‍යවරයා, මීළඟ ඉන්දු-ලංකා ධීවර සාකච්ඡාවේදී ඉන්දීය ධීවරයන් එම ගැටලුව ඉදිරිපත් කළ හොත් එයට විසඳුම් වශයෙන් තමන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් බවද සංදේශයට පැවසීය.

කෙසේ නමුත් ඉන්දීය ධීවරයන්ගේ ඉවක් බවක් නොමැතිව මසුන් අල්ලන බොටම් ට්‍රෝලින් පන්න ක්‍රමය තහනම් කළ යුතු බවයි, අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.