සිය දිවි නසා ගත්තේ 'ෆේස්බුක් එන්න කලින්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 21 සිකුරාදා - 18:39 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

තරුණ පරපුරේ ගැටලුවලට විසඳුම් ලබා දීමේ නිසි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් තරුණයන් සිය දිවි නසා ගැනීම පවතින සමාජ අර්බුදයේම කොටසක් බව සමාජ විද්‍යාඥයෝ පවසති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සිය දිවි නසා ගැනීමට පෙළඹුනේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල හඳුන්වා දීමට බොහෝ කලෙකට පෙර බව සමාජ විද්‍යාඥයෝ පවසති.

දිවි හානි කර ගැනීම ලොකු ප්‍රශනයක් විදියට තිබුනේ 1990 ගණන්වල

විශේෂයෙන්ම පෞරුෂ වර්ධනය ඇතුළු තරුණ පරපුරේ ගැටලුවලට විසඳුම් ලබා දීමේ නිසි ක්‍රමවේදයක් පාසල, ජනමාධ්‍ය හෝ නිවස තුල පවා නොමැති බැවින් තරුණ පරපුර සිය දිවි නසා ගැනීම පවතින සමාජ අර්බුදයේම කොටසක් බවයි, කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ පවසන්නේ.

ෆේස්බුක් වැනි සමාජ ජාලවලින් තරුණ පරපුරට කරන බලපෑම කවරේ දැයි සංදේශය කළ විමසීමකදීයි, ඔහු ඒ බව කියා සිටියේ.

මාධ්‍යවල වගකීම

"විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ජනමාධ්‍ය තුල මේ ළමයින්ට අවශ්‍ය කරන ආකාර වැඩසටහන් සකස් කිරීමක් නෑ," බවද ඔහු පැවසීය.

බාල පරපුරට ගුරුහරුකම් ලැබෙන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සිය වැඩසටහන් සකස් කළ යුතු බව පවසන මහාචාර්යවරයා, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම තරුණ පරපුර පෙලන අසහනයට කිසිසේත්ම විසඳුමක් නොවන බව අවධාරණය කරයි.

"අපි අඳුන ගත්ත එක හේතුවක් තමයි පාසල් තුල ළමයින්ට මඟ පෙන්වීමට කිසිම උපදේශන සේවාවක් වගේ එකක් නෑ," යනුවෙන්ද මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ වැඩිදුරටත් කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.