ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නීති සිසු පිරිසක් සත්‍යග්‍රහයක

17 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 12:23 GMT

මෙවර නීති විද්‍යාල ප්‍රවේශයේ දී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් නීති සිසු පිරිසක් එම විද්‍යාලය අසල අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

නවක සිසුන් බඳවා ගැනීම සිදු වෙද්දී නීති විද්‍යාලය අසලට රැස් වූ මෙම සිසු පිරිස සටන් පාඨ අඩංගු පුවරු ප්‍රදර්ශනය කරමින් සත්‍යග්‍රහයේ යෙදී සිටියහ.

සත්‍යග්‍රහය අතරවාරයේ මාධ්‍යවලට අදහස් දැක්වූ, නීති විද්‍යාල ප්‍රවේශයේ දී අසාධාරණයට පත් වූ ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති අමල් සෙනවිරත්න කියා සිටියේ පාර්ලිමේන්තු සහ අධිකරණ අමාත්‍යංශ විධානයන්ට අනුව වාර්ෂිකව නීති විද්‍යාලයට අවම වශයෙන් සිසුන් 225 ක් වත් බඳවා ගත යුතු බවයි.

එහෙත් මෙම වසරේ බඳවා ගෙන ඇති සංඛ්‍යාව සිසුන් 177 ක් දක්වා අඩු කර ඇතැයි පවසන සභාපති අමල් සෙනෙවිරත්න මේ හේතුවෙන් ඉහල ලකුණු ලබාගත් සිසුන් රැසකට නීති විද්‍යාලයට ඇතුළු වීමට තිබූ අවස්ථාව අහිමි කර ඇති බවට ද චෝදනා කළේය.

මෙම චෝදනාව පිළිබඳ ව නීති විද්‍යාලයේ මතය විමසීමට සංදේශය කළ උත්සාහය සාර්ථක නොවීය.

සත්‍යග්‍රහය පැවති අවස්ථාවේ නීති විද්‍යාලය අසල පොලිස් ආරක්ෂාව තර කර තිබුණි.