ස්වාධීන රූපවාහිනියට එරෙහි පෙත්සම විභාගයට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 11 අඟහරුවාදා - 13:29 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

එල්ටීටීඊ යට සහාය පළ කළ බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට චෝදනා කරමින් ස්වාධීන රූපවාහිනී සේවය විකාශනය කළ පුවතකට එරෙහි මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසමේ විභාගයට.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

කොටි සංවිධානයට සහාය පළ කරන රැස්වීමක් පැවැත්වූ බවට ස්වාධීන රූපවාහිනී සේවය විකාශනය කළ පුවතකින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පැමිණිලක් විභාගයට ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීන්දු කොට තිබේ.

පසුගිය වසරේ අම්පාර ප්‍රදේශයේදී තමන් කොටි සංවිධානයට සහාය පළ කරන රැස්වීමක් පැවැත්වූ බවට ස්වාධින රුපවාහිනි සේවය විකාශනය කළ පුවත මුළුමනින්ම අසත්‍ය බවයි, එම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු පවසන්නේ.

එහෙත් පැමිණිලිකරුවන් ඉදිරිපත් කරන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි, ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපතිවරයා මානව හිමිකම් කොමිසම හමුවේ පවසා තිබෙන්නේ.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව, සංදේශය කළ විමසීමකදී ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න කියා සිටියේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යොමු කළ පැමිණිල්ල අප්‍රේල් මස 24 වැනි දින විභාගයට ගැනීමට මානව හිමිකම් කොමිසම තීන්දු කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.