තානාපතිනියට වීසා නොදීම ගැන 'කණස්සල්ල'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 4 අඟහරුවාදා - 17:42 GMT

කාන්තා කටයුතු පිළිබඳ ඇමරිකානු තානාපතිනි කැතරින් රසල් හට වීසා ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පළ කරයි.

ඇයට වීසා ලබා නොදෙන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය තමන්ට දන්වා ඇතැයි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය.

ලොව පුරා කාන්තාවන් සමාජීයව සහ දේශපාලනිකව බල ගන්වමින් සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇති කිරීමට කටයුතු කිරීම තානාපතිනි කැතරින් රසල් ගේ කාර්යභාරය බව ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටියි.

කැතරින් රසල් මේ මස දහ වෙනි දින සහ එකලොස් වෙනි දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව සිටියාය.

ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් කාන්තා මූලික පවුල් වලට සිදුවී ඇති බලපෑම සහ කාන්තාවන්ට බලපාන වෙනත් කරුණු පිළිබඳව දිගටම අවධානය යොමු කරන බව ඇමරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.