බාල ඉන්ධන 'පරිසර දූෂණයට ප්‍රධාන හේතුවක්'

4 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:52 GMT

ශ්‍රී ලංකාවේ භාවිතා වන පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග ජාත්‍යන්තර ප්‍රමිතියෙන් බොහෝ ඈත බව පෙන්වා දෙන පරිසරවේදීහු, රටේ වායු විමෝචනය ඉහල යාමට එය ප්‍රධාන හේතුවක් බව පවසති.

ලංගම බස් රථ වෙනුවෙන් වායු විමෝචනය සම්බන්ධ 'විශේෂ සහනයක්'

කෙසේ නමුත් 2008 දී වාහන දුම් හේතුවෙන් සියයට හැටක්ව තිබුණු වායු විමෝචනය දැන් සියයට පනස් තුන දක්වා පහල වැටීම නව නීතිවල සාර්ථකත්වය හුවා දක්වන්නක් බවයි, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුම සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් ලංගම බස් රථ වෙනුවෙන් මෙහිදී විශේෂ සහනයක් ලබා දී තිබෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර වායු විමෝචන සහතික ලබා දීමේ ක්‍රියාදාමය දූෂණයෙන් තොරව සිදු වන බවට තවමත් සහතිකයක් නැති බව පවසන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, මේ තත්වය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.