කුරාම් ෂයික් ඝාතන සැකකරු අතුරුදහන් -පොලිසිය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 13 සඳුදා - 11:56 GMT

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් පස් දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වී ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ, සභාපති සම්පත් විදානපතිරණ යි.

ජාත්‍යන්තර රතු කුරුසයේ කුරාම් ෂයික්

මීට වසරකට පමණ පෙර මෙම පුද්ගලයා ඇප පිට නිදහස් වී සිටි අතර රෝහල් ගත වීම නිසා පසුගිය නඩු වාරයට සහභාගී නොවූ බවයි වාර්තා වූයේ.

අනතුරුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යෙදවූ නමුත් ඔහු රෝහලේ නොසිටි බවයි පොලිසිය පවසන්නේ.

ජාත්‍යන්තර රතු කුරුසයේ කුරාම් ෂයික් මරා දැමීම සහ රුසියානු කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් පස් දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.