මුස්ලිම් බැතිමතුන්ට පොලිසියෙන් එල්ල වන බලපෑම් ගැන සාකච්ඡා

  • 17 දෙසැම්බර් 2013
අමාත්‍ය රිශාඩ් බදියුද්දීන්
අමාත්‍ය රිශාඩ් බදියුද්දීන්

දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ගේ ආගමික කටයුතු වලට කොහුවල පොලිසියෙන් බලපෑම් එල්ල වන බව පළාත්වාසීන් සහ පල්ලිවල භාර කරුවන් තමන්ට දැන්වූ බව අමාත්‍ය රිශාඩ් බදියුද්දීන් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් තමන් වැඩබලන පොලිස්පති ගාමිණී නවරත්නට සහ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට දැන්වූ බව පවසන අමාත්‍ය බදියුද්දීන් (බදාදා) පළාත්වාසී මුස්ලිම්වරුන් පොලිසියට කැඳවා සාමකාමිව ගැට‍ළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව එවිට පොලිසිය තමන්ට දැන්වූ බවත් කියා සිටියේය.

පොලිසියට පැමිණිල්ලක් ලැබී නැති නමුත් අනාගතයේදී ඇති විය හැකි ගැට‍ළු පිළිබඳව සලකා බලා ආගමික කටයුතු නතර කරන මෙන් උපදෙස් දුන් බව පොලිසියේ කාර්ය භාර නිලධාරියා ඒ පිළිබඳව විමසීමක් කළ ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇතැයිද රිශාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.