ආබාධිතයන් සම්බන්ධ සම්මුතිය 'නීතිගත කරන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 15 ඉරිදා - 17:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය නීතිගත කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකා ආණ්ඩුව ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා තිබෙන නමුත් එය තවමත් නීතිගත කිරීමට ක්‍රියා කොට නැති බව ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.

'ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට හතක් ආබාධිතයන්'

එය නීතිගත කිරීමේ අවශ්‍යතාවය මීට ඉහත දී කිහිප වතාවක්ම ආණ්ඩුවට පෙන්වා දී තිබෙන බවද කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කරයි.

කොමසාරිස්වරයා ඒ බව කියා සිටියේ, බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියයට හතකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව පවසන කොමසාරිස්වරයා ඒ සියලු දෙනාගේ අවශ්‍යතා සපුරාලීම පිණිස පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

උතුරු නැගෙනහිර

"අපි මුලින්ම කියන දේ තමයි ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව මේ සම්මුතිය අපරානුමත කරන්න," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

උතුරු නැගෙනහිර පලාත්වල ආබාධිතයන් පිළිබඳව 'සංගණනයක්'

ශ්‍රී ලංකාවේ ආබාධිතයන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස පසුගියදා පැවැත්වුණු සාකච්ඡාවකට මුලතිවු, කිලිනොච්චි ඇතුළු පලාත්වල සිට ප්‍රථම වතාවට ආබාධිතයන් පැමිණි බව පවසන කොමසාරිස්වරයා, සිවිල් සංවිධාන සහ රාජ්‍ය ආයතන නිලධාරීන්ද සමඟ එහිදී ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කළ බවද පැවසීය.

යුද්ධය හේතුවෙන් ආබාධිත වූ උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන ආබාධිතයන් පිළිබඳව සංගණනයක් පවත්වන මෙන් ඉන් අනතුරුව තමන් ආණ්ඩුවට උපදෙස් දුන් බවද ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුලත එක්සත් ජාතීන්ගේ සම්මුතිය නීතිගත කිරීමට පියවර ගන්නේ නම් එය ඉතා වැදගත් ඉදිරි පියවරක් බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.