විස්සයි විස්සෙන් පළමු ජය පාකිස්තානයට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 12 බ්‍රහස්පතින්දා - 14:01 GMT
  • සජීඩ් අක්මාල්ගේ පන්දුවකින් කුමාර් සංගක්කාර් දවාලූ පාකිස්තාන් ක්‍රීඩකයන්ගේ ප්‍රීතිය.පන්දු යවන්නා සගයන් සමඟ සතුට බෙදා ගනිමින්.
  • දැවී ගිය ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල.ශ්‍රී ලංකා පිතිකරු තිලකරත්න දිල්ශාන්.දෙවැනි ඕවරයේදී දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු හතක් පමණයි.
  • ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්, සිකුරාදා පැවැත්වෙන විස්සයි විස්සයි දෙවැනි සටනේදීත් ජයගන්නා බව සපථ කරමින්.
  • "පාකිස්තාන් ක්‍රීඩකයන් පසුගිය දා දකුණු අප්‍රිකාවේදී හොඳින් ක්‍රීඩා කළා. අපි ඔවුන් අඩුවෙන් තක්සේරු කරන්නේ නැහැ".-චන්දිමාල්.
  • හතර වැනි තැන සිටින පාකිස්තානය සිකුරාදා තරඟයෙන් ජය ගත්තොත් පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන පහළ වැටෙනු ඇත.
  • තම පිලේ පිති හරඹය සම්බන්ධයෙන් තමා තෘප්තිමත් බවයි පාකිස්තාන් කණ්ඩායමේ නායක මොහමඩ් හෆීශ් කියා සිටින්නේ.
  • "අපට හොඳ පන්දු යවන්නෝ ඉන්නවා.අෆ්රිඩි බිලාවාල් වගේ.කණ්ඩායම හොඳ ධෛර්යයකින් ඉන්නේ.අෆ්රිඩි තරඟය අවසන් කළ ආකාරයට. හොඳ තරඟයක්!"-හෆීශ්

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.