ජනාධිපති රාජපක්ෂගෙන් මැන්ඩෙලාට බුහුමන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 11 බදාදා - 16:52 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මැන්ඩෙලා වෙනුවෙන් පැවැත්වුන රාජ්‍ය අවමඟුල් උත්සවයට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ලඟා වූ සියයකට අධික රාජ්‍ය නායකයන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක් විය.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

‘ප්‍රිටෝරියා’හි යුනියන් මන්දිරයේ තැන්පත් කරනු ලැබ ඇති අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා දේහයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ගෞරවය පුද කළේය.

රාජ්‍ය අවමඟුල් උත්සවයට සහභාගී වීමට දකුණු අප්‍රිකාව කරා ලඟා වූ සියයකට අධික රාජ්‍ය නායකයන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක් විය.

ශ්‍රවනාබාධිත චෝදනා

හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් පැවැත්වුන සමරු උත්සවයේදී ශ්‍රවණාබාධිතයන් සඳහා වූ පරිවර්තනයේදී භාවිතා කෙරුණ සංඥා භාෂාව සම්බන්ධයෙන් මතභේද උද්ගත ව ඇත.

දකුණු අප්‍රිකානු ශ්‍රවානබාධිත සමාජයේ ෆ්රාන්ෂුවා ඩේසල්(Francois Deysal) අදහස් දක්වමින්,ජනාධිපති ඔබාමාගේ කතාව පරිවර්තනය කෙරුණ ආකාරය මගින් තමන්ට කිසිදු දෙයක් නො තේරුන බවයි, කියා සිටියේ.

ජනාධිපති ජේකබ් ෂූමා ගේ කතාව අතරවාරයේ නැගුණ හූ හඬ ප්‍රචාරයෙන් ඉවත් කරනු ලැබීම සම්බන්ධයෙන් දකුණ අප්‍රිකානු ගුවන් විදුලියේ සංස්කාරකවරයාත් විවේචනයට ලක් වෙමින් ඇත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.