හමුදාව නොදැන අතුරුදහන් වෙන්න බෑ - ලලිත්ගේ පියා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 10 අඟහරුවාදා - 16:21 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

හමුදාවේ අනු දැනුමක් නොමැතිව යාපනයේදී සිය පුතා පැහැර ගැනීම සිදු විය නොහැකි බව අතුරුදහන්වූ ලලිත් වීරරාජ්ගේ පියා, ආරුමුගම් වීරරාජ් පවසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල අනු දැනුමක් නොමැතිව යාපනයේදී සිය පුතා පැහැර ගැනීම සිදු විය නොහැකි බව අතුරුදහන්වූ ලලිත් වීරරාජ්ගේ පියා, ආරුමුගම් වීරරාජ් පවසයි.

සිය පුතා අතුරුදහන්වීමට පෙරාතුවද හමුදාවෙන් ඔහුට හිරිහැර සිදු වූ බවත් ඔහුගේ පියා පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ, ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් මානව හිමිකම් ක්‍රියාධරයන් අතුරුදහන් වී දෙවසරක් පිරීම නිමිත්තෙන් සහ ලෝක මානව හිමිකම් දිනය සැමරීම් වස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කරනු ලැබ තිබූ විරෝධතාවයකදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

අතුරුදහන් කළ ලලිත් සහ කුගන් වහා නිදහස් කරන ලෙසත් රට පුරා සිදුවන පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වහා නතර කරන ලෙසත් උද්ඝෝෂකයෝ රජයට බල කොට සිටියහ.

යතුරු පැදිය

ලලිත් සහ කුගන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී.

පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක්.

උද්ඝෝෂණයේදී සංදේශය සමඟ අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ ඔවුන්ගේ අතුරුදහන් වීමට සම්බන්ධ බවට ආණ්ඩුවට චෝදනා කළේය.

ලලිත් කුගන් පැහැරගැනීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බවයි, ඒ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ.

ලලිත් හා කුගන් ආරක්ෂක අංශ මගින් රඳවා ගෙන සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරන චෝදනාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.