ශක්තිමත්, අතිශය නිහතමානී නායකයෙක් - චන්ද්‍රිකා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 6 සිකුරාදා - 13:09 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා ශක්තිමත්, එහෙත් අතිශය නිහතමානී නායකයෙක් බව පවසන හිටපු ජනාධිපතිනිය, ඔහු විග්‍රහ කරන්නේ විසි වැනි සියවසේ පහල වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකු ලෙසින්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා ඉතාමත් ශක්තිමත්, දැඩි ආත්ම විශ්වාසයකින් හෙබි, එහෙත් ඉතා නිහතමානී සහ කාරුණික නායකයකු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා තමන්ට කිහිප වතාවකම ජාත්‍යන්තර සමුළුවලදී හමු වී තිබෙන බවත්, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට ආසන පණ වනු ලබන්නේ ඉතා සමීපයෙන් නිසා තමන්ට එම භාග්‍යය උදා වූ බවත් ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපතිනිය ඒ බව ප්‍රකාශ කළේ බීබීසී සංදේශයේ චන්දන කීර්ති බණ්ඩාර සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකාවට පාඩම්

'ඒ හැම වතාවකම චන්ද්‍රිකා කියල බදා ගෙන ඉඹිනවා. ඊට පස්සේ පළමුවෙන්ම අහන්නේ මගේ අම්ම ගැන'

"මේ හැම වතාවකම මට විශේෂ වුනේ ඒ හැම වතාවකම චන්ද්‍රිකා කියල බදා ගෙන ඉඹිනවා. තාත්ත කෙනෙක් දුවෙක් ඉඹිනවා වාගේ, ඊට පස්සේ පළමුවෙන්ම අහන්නේ මගේ අම්ම ගැන, සිරිමාවෝ මැතිනිය ගැන," යනුවෙන් ඇය කියා සිටියාය.

සිය මව සහ මැන්ඩෙලා කිසි දින මුණ ගැසී නැතත්, මැන්ඩෙලා බන්ධනාගාරගතව සිටි සමයේ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය තමන් දිරි ගන්වමින් ලිපි එවූ බව වරෙක තමන් ඒ පිළිබඳව විමසු අවස්ථාවේ මැන්ඩෙලා ප්‍රකාශ කළ බවද හිටපු ජනාධිපතිනිය පවසන්නීය.

නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයෙන් ශ්‍රී ලංකා වාසීන්ට ඉගෙන ගැනීමට බොහෝ පාඩම් තිබෙන බවද චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

"ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කෝපය අනෙකා කෙරෙහි තියන මැඩ පවත්වා ගත්ත ඉතිහාසයක් නෙල්සන් මැන්ඩෙලාට තියෙන්නේ. තමාට ඒ සියලු විරුද්ධවාදීකම් කරපු අය එක්ක තමාගේ රටට පළ වෙනි තැන දීල, සියලුම ජන කොටස් එකතු කර ගෙන එකට පි ඉදිරියට යමු කියල කියන්න පුළුවන් ශක්තිය එතුමාට තිබුණ," යනුවෙන්ද ඇය කියා සිටියාය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.