මුහුණු පළඳනා තහනම් කළේ 'ආරක්ෂක හේතු නිසා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 3 අඟහරුවාදා - 18:44 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ආරක්ෂක හේතූන් මත මුහුණු ආවරණ පැළඳ විශ්ව විද්‍යාලයට පැමිණීමට අවසර දෙන මෙන් මුස්ලිම් ශිෂ්‍යාවන් දෙදෙනකු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මොරටුව විශ්ව විද්‍යාලය පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මුහුණු ආවරණ පැළඳ විශ්ව විද්‍යාලයට පැමිණීමට අවසර දෙන මෙන් මුස්ලිම් ශිෂ්‍යාවන් දෙදෙනකු මීට මාස කිහිපයකට ඉහතදී කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව මොරටුව විශ්ව විද්‍යාල බලධාරීහු පවසති.

'අපි හැම ආගමකටම ගරු කරනවා'

ආරක්ෂක හේතූන් මත එම තීරණය ගැනීමට සිදු වූ බවයි, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී කියා සිටියේ.

මුහුණු පළඳනාවලට අවසර නොදීම තමන්ගේ තනි තීරණයක් නොවන බව පවසන මහාචාර්ය ජයවර්ධන, කිසිදු ආගමකට අපහාස කිරීමේ අදහසක් එහි නැති බවද අවධාරණය කරයි.

විශ්ව විද්‍යාලයක් යනු බහු සංස්කෘතික සහ බහු වාර්ගික පදනමක් සහිත ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරන ආයතනයක් බව පවසන උප කුලපතිවරයා, මුහුණ ආවරණය ගත් පිරිසක් එවැනි ආයතනයක් තුල සැරි සැරීම මගින් එහි පවතින සුහද වාතාවරණයට එල්ල විය හැකි බලපෑම සලකා බලා පාලක මණ්ඩලය එම තීරණයට එළැඹුණු බවද කියා සිටියේය.

විශ්ව විද්‍යාලයට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ පළමු වතාව මෙය බවද උප කුලපති ආනන්ද ජයවර්ධන සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.