අමුඩ ගැසූ ගොවියෝ කොළඹට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 2 සඳුදා - 17:09 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න,ආණ්ඩුව දශ ලක්ෂයකට ආසන්න ගොවීන්ගේ විශ්‍රාම වැටුප් ශුන්‍ය කර ඇති බවයි කියා සිටියේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ගල්නෑව සිට පැමිණි ගොවියකු වන ඒ.එච්.ජයතිලක සන්දේශයට ඔහුගේ අදහස් දැක්වූයේ, කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.

ගොවීන් කණ්ඩායමක් තම සම්ප්‍රදායික ගොවි අමුඩ වලින් සැරසී, 2014 වසර සඳහා වන අයවැයෙන් ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට අසාධාරණයක් සිදු වූ බව පැවසෙන අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි අතර, ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම වයස අවුරුදු හැටේ සිට හැට තුන තෙක් වැඩි කිරීමේ තීන්දුව වහාම අහෝසි කිරීමට සහ ගොවි විශ්‍රාම වැටුප් හිඟ මුදල් ගෙවීමට මුදල් වෙන් කිරීමට රජය පියවර ගත යුතුය යන්නයි,ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙක වුනේ.

මොනරාගල සිට පැමිණි ගොවියෙකු වන ඩබ්ලිව්. නිමලසිරි පවසන්නේ,ගොවීන් දැඩි අසරණ තත්වයකට පත් ව ඇති බවයි.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අදහස් දක්වමින්, ආණ්ඩුව ගොවීන් 9,59000 ක විශ්‍රාම වැටුප් ශුන්‍ය කර ඇති බවයි කියා සිටියේ.

එම විරෝධතා ව්‍යාපාරය එක්තරා දේශපලන පක්ෂයකට අයත් ගොවින් පිරිසකට මිස සමස්ත ගොවි ජනතාව නියෝජනය කරන්නක් නොවන බවට ආණ්ඩුව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් සංදේශය නාමල් කරුණාරත්නගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ,දේශපාලන පක්ෂ භේදයකින් තොර ව සෑම පක්ෂයකට ම අයත් ගොවි නියෝජිතයන් කොළඹ නගරයට පැමිණි බවයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2014 අයවැය කතාව කරමින් පැවසුවේ, විශ්‍රාම වැටුප් අරමුදල සඳහා රුපියල් මිලියන 1000 ක ආරම්භක ප්‍රාග්ධනයක් රජයෙන් ලබා දෙන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.