හින්දු කෝවිල් විනාශ කරලා : -නීලකන්ඩන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 30 සෙනසුරාදා - 18:24 GMT
neela kandan

විනාශ කළ කෝවිල් බැලීමට නොදුන් බව ඔහු කීවේය.

අධි ආරක්ෂක කලාපයේ තිබෙන හින්දු කෝවිල් විනාශ කොට ඇති බව සමස්ත ලංකා හින්දු කොන්ග්‍රසයේ සභාපති කන්දයියා නීලකන්ඩන් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ බී බීසී තමිල් ඔසෙයි වැඩසටහනේ ජය ප්‍රකාශ් නෙල්ලු සාමි සමග පවතී දුරකථන සංවාදයකදීය.

අධි ආරක්ෂක කලාපයේ තිබෙන හින්දු කෝවිල් විනාශ කොට තිබෙන බව ආරංචි වීමෙන් පසු තමන් ඒ පිළිබඳව මහ ඇමති සී වී විග්නේස්වරන් ට දැන්වූ බවත් ඔහු වහාම එතනට ගිය නමුත් අධි ආරක්ෂක කලාප මායිමේදී ඔහුව නැවැත්වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වැරදි තොරතුරක්

මේ පිළිබඳව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගෙන් විමසූ අවස්ථාවේ බී බී සී දෙමළ සේවයට ඔහු කියාසිටියේ මෙම චෝදනාව වැරදි තොරතුරු මත පදනම්ව සිදුකර ඇති බවයි.

එසේම යාපනයේ හෝ වෙනත් කිසිදු ස්ථානයක ඇති ආගමික සිධස්ථානයක් අනවශ්‍ය ලෙස විනාශ කිරීමට හෝ ඉවත් කිරීමට හමුදාව කටයුතු නොකරන්නේ යැයි ඔහු අවධාරණය කළේය.

විග්නේශ්වරන්ටත් ඇතුල්වීම තහනම්

මහ ඇමති විග්නේශ්වරන් ට බ්‍රහස්පතින්දා යාපනයේ අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට ඉඩ නොදුන්නේ මන්දැයි කළ විමසීමට ඔහු කියා සිටියේ එම ප්‍රදේශය තව දුරටත් අධි ආරක්ෂක කලාපයක් නොව වර්තමානයේදී හමුදා කඳවුරක් බවට පත්කර ඇති හෙයින් එයට ඇතුල් විය හැක්කේ ඒ සඳහා ආරාධනයක් හෝ විශේෂ අවසරයක් මත පැමිනෙන්නන්ට පමණක් බවයි.

හින්දු කෝවිලේ පුජාවන් පැවැත්වීමේ අවශ්‍යතාව ගැන විමසුවිට හමුදා ප්‍රකාශකයා කියාසිටියේ එම කලාපය තුල දැන් සාමාන්‍ය ජනතාව පදිංචි වී නැති බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.