ශ්‍රී ලංකාවෙන් රත්රන් පිට කිරීමට සීමා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 29 සිකුරාදා - 18:09 GMT

නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සාහ දැරූ රත්රන් සැප්තැම්බරයේදීද අත් අඩංගුවට ගැනින

ශ්‍රී ලංකාවෙන් රත්රන් පිට කිරීමේ නීති විරෝධී ජාවාරමක් නතර කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

බොහෝ ජාවාරම්කරුවන් නීති විරෝධී ලෙසින් ඉන්දියාවට රත්රන් රැගෙන යන බව හෙළි වීමෙන් අනතුරුව එයට වැට බැඳීමේ අවශ්‍යතාවය මතු වූ බව බව රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ජී ඒ ලෙස්ලි ගාමිණී බීබීසී සංදේශයට පැවසීය.

මේ අනුව මින් ඉදිරියට ශ්‍රී ලාංකික කාන්තාවකට පැළඳ ගෙන ගිය හැක්කේ පවුම් පහළොවක් දක්වා වූ ස්වර්ණාභරණ පමණයි.

පිරිමි සහ බාල වයස්කාර මගීන්ට රැගෙන යාමට අවසර ලැබෙන රන් ආභරණ උපරිමය පවුම් පහක්.

“හැබැයි මේවා ඔක්කොම ආපසු ගෙන ඒමේ බලාපොරොත්තුව මත තමයි ගෙන යා යුත්තේ. ඊට අමතරව මේ ආභරණ නිම නොකළ ස්වභාවයේ, එහෙම නැත්නම් අර්ධ වශයෙන් නිම කළ ස්වභාවයේ, එහෙම නැත්නම් රළු ස්වභාවයේ ස්වර්ණාභරණ නම් අපි ඒක අනුමත කරන්නේ නෑ,” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

එමන්ම විදේශිකයකු ශ්‍රී ලංකාවේ පිටව යන විට රැගෙන යන ස්වර්ණාභරණ තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට රැගෙන ආ ස්වර්ණාභරණ බව සනාථ කළ යුතු බවද රේගු දෙපාර්තමේන්තුව පවසයි.

විනිමය පාලකවරයාගේ අනුමැතියට යටත්ව, ශ්‍රී ලංකාවේදී මිලදී ගන්නා රන් ආභරණ රටින් පිටට ගෙන යාමට විදේශිකයනට අවස්ථාව සැලසෙන බවත් රේගු ප්‍රකාශක ජී ඒ ලෙස්ලි ගාමිණී සංදේශයට පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.