'මිය ගිය වැසියන් ගේ ගණන දැනගැනීම වැදගත්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 28 බ්‍රහස්පතින්දා - 17:50 GMT
r sampanthan

යුධ ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස පැවැත්වෙන දීප ව්‍යාප්ත සංගණනය පිළිබඳව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්තන් පැවසුවේ මරණයට පත් වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව දැන ගැනීම වැදගත් වන බවයි.

මේ අවස්ථාවේ දී මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්විය නොහැකි බවත් සංගණනය කෙරෙන පදනම හෝ එය ක්‍රියාත්මක කෙරෙන පදනම පිළිබඳව තමන් නොදන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා පැවසීය.

සාමාන්‍යය වැසියන්

යුධ මුක්ත කලාපය යනුවෙන් හඳුන්වා දුන් ප්‍රදේශ වලත් මරණ සිදුවී ඇති අතර එම කලාපයෙන් පිටතට පැමිණි දෙලක්ෂ අසු දහසත්-අනු දහසත් අතර පිරිසට අමතරව අනෙක් අයට කුමක් සිදු වුනේ දැයි සොයා ගත යුතුව ඇති බව ආර් සම්පන්තන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. වන්නි කලාපය තුල තුන් ලක්ෂ හැට දහසකට වැඩි පිරිසක් කොටු වී සිටි බවට වාර්තා පලවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියේය.

මේ අයගෙන් වැඩි පිරිස සාමාන්‍යය වැසියන් බවත්,කොටි සංවිධාන සාමාජිකයින් ද ඒ අතරේ සිටි නමුත් ගැටලුව වන්නේ මරණයට පත් වූ සාමාන්‍යය වැසියන් ගේ ගණන දැන ගැනීම බව ආර් සම්පන්තන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

p b abykoon

නිවැරදි තොරතුරු

මේ පිළිබඳව බී බී සී තමිල් ඕසෙයි වැඩසටහන කල විමසුමකට කල පිළිතුරු දුන් ස්වදේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී බී අබේකෝන් කියා සිටියේ මෙම සංගණනය දෙස ශුභවාදීව බැලිය යුතු බවයි.

මෙම සංගණනය හේතුවෙන් යුද්ධයයේදී මිය ගිය පිරිසේ ගණන් හිලව් පිළිබඳව තොරතුරු රහිතව කෙරෙන ප්‍රකාශ වෙනුවට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව පී බී අබේකෝන් පෙන්වා දුන්නේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.