කුරාම් ෂයික් ඝාතනයේ සැකකරුවන්ට ඇප

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 22 සිකුරාදා - 10:47 GMT

රතු කුරුස සංවිධානයේ සේවකයකු වූ කුරාම් ෂයික් 2011 නත්තල් දිනයේ තංගල්ලේදී ඝාතනය කෙරිණ

තංගල්ලේ නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් හය දෙනාම ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

2011 නත්තල් දිනයේ දී කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනකු චෝදනා ලබා සිටිති.

ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චුදිතයන්ට එරෙහිව චෝදනා දාහතක් ගොනු කිරීමෙන් අනතුරුව චුදිතයන්ට ඇප ලබා දෙන මෙන් ඔවුන්ගේ නීතිවේදීන් අධිකරණය ඉල්ලීමක් කළේය.

නීතිපතිවරයා නියෝජනය කරන රජයේ විශේෂ නීතිවේදියා එම ඉල්ලීමට විරුද්ධත්වයක් පළ නොකිරීම හේතුවෙන් ඔවුන් සියලු දෙනාම රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කරන මෙන් අධිකරණය නියෝග කළේය.

චුදිතයන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට අවසර නැති අතර, නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමෙන් වලකින ලෙසද අධිකරණය චුදිතයන්ට නියෝග කළේය.

නඩු විභාගය දෙසැම්බර් දෙවැනි දින දක්වා කල් තැබුණි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.