අයවැය ලේඛනයේ ප්‍රධාන යෝජනා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 21 බ්‍රහස්පතින්දා - 11:52 GMT
Mahinda Rajapaksa

මුදල් අමාත්‍ය,ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බ්‍රහස්පතින්දා, 2014 වසර සඳහා වන සිය අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ඉදිරිපත් කෙරෙන නව වැනි අය-වැයයි.

පැය දෙක හමාරක පමණ කාලයක් සිය අය-වැය යෝජනා ඉදිරිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රජයේ සේවකයන් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට රු. 1200 කින් වැඩි කිරී මට යෝජනා කරයි.

මෙවර අය වැය යෝජනා අතර තවත් කැපී පෙනෙන යෝජනාවක් වන්නේ,2006 ට පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500 ක දීමනාවක් ද, සෙසු විශ්‍රාම ගිය සඳහා රුපියල් 350 ක දීමනාවක් යෝජනා කිරීමයි.

ඒ සමඟ,අධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා ලබා දෙන දීමනාව 8% කින් ඉහල දැමීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යෝජනා කරයි.

සරසවි ආචාර්යවරුන් සඳහා වන පර්යේෂණ දීමනාව 5%කින් ඉහළ දැමීමට ද නව අය-වැය මගින් යෝජනා කොට ඇත.ඒ සමඟ පාසල් ගුරු වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි අටසීයක් වෙන් කිරීමට ද ජනාධිපතිවරයා යෝජනා කරයි.

ගොවි විශ්‍රාම වැටුප

Mahinda Rajapaksa

ගොවීන් සඳහා දෙන රුපියල් තුන්සිය පනහක පොහොර සහනාධාරය දිගටම දෙන බවත් නව අය-වැය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. ගොවි විශ්‍රාම වැටුප ලබන ජනවාරි මාසයේ පටන් යළි පණ ගන්වන බවත්,ගොවි විශ්‍රාමය මසකට රුපියල් 1,250 ක් වන බවත් ඒ සමඟ පැවසුණි.

දේශීය සහ විදේශීය සංචාරක කර්මාන්තය නංවාලීම,ගුවන් සේවාවන් සඳහා කෙරෙන ආයෝජන සහ

සරසවි සිසුන්ගේ නේවාසික පහසුකම් නංවා ලීමට මුදල් වෙන් කරනු ලැබීම නව අය-වැයට ඇතුලත් තවත් යෝජනා වෙති.

සිය අය වැය යෝජනා ඉදිරිපත් කරමින්,මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේ,ලබන වසරේ මැද භාගය වන විට රටේ ආර්ථික සංවර්ධනය 7.58% ක ද උද්ධමනය 5.6% මට්ටමක ද පවත්වා ගැනීමට බලාපොරොත්තු තබන බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.