අගමැති කැමරන් 'මුරලි' හමු වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 16 සෙනසුරාදා - 17:03 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

“පහසුකම් දියුණුයි, පාසල් පාරවල් ගොඩ නගල, වෙළෙඳ ව්‍යාපාර පටන් අරන්,දියුණුවක් සිදු වෙනවා” යන්න මුත්තයියා මුරලිදරන්ගේ අදහසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තමා ක්‍රීඩකයකු වන අතර දේශපාලනය ගැන නොසිතන බවයි පවසන්නේ.

‘මුරලි’ එම ප්‍රකාශය කළේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමඟ ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටින මාධ්‍යවේදීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින්.

“ගෙවී ගිය අවුරුදු තිහක කාලය ඇතුළත යුද්ධය පැවතුණ පලාත්වල බොහෝ ප්‍රශ්න තිබුනා. කිසිවෙකුට එම පළාත්වලට යාමට අවස්ථාවක් තිබුනේ නැහැ.” මුරලිදරන් පවසයි.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සමඟ මම එම පලාත්වල සංචාරය කරලා තියෙනවා.ඒ දවස් වල එහි තිබුන තත්වය මම දැක්ක.දැන් මම නිතරම මෙන් ඒ පළාත්වලට යනවා. පහසුකම් සීයට දාහකින් දියුණු වී ඇති බවකුයි පෙනෙන්නේ.” මුරලිදරන් බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් සමඟ වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් අදහස් දක්වමින්,“ජනතාවන් අතර පරතරය නැති කරන ප්‍රධාන ක්‍රීඩාව ක්‍රිකට්”බවයි ප්‍රකාශ කළේ.

“මේ වෙන කොට පහසුකම් දියුණුයි, පාසල් පාරවල් ගොඩ නගල, වෙළෙඳ ව්‍යාපාර පටන් අරන්, ගොඩක් දේවල් සිද්ධ වෙලා, දියුණුවක් සිදු වෙනවා” යන්න මුත්තයියා මුරලිදරන්ගේ අදහසයි.

“ ‘මුරලි කුසලාන' තරඟාවලිය ආරම්භ කරන කොට අපට ක්‍රීඩා කිරීමට එකම ක්‍රීඩාංගනයක්වත් තිබුණේ නැහැ. යුද හමුදාව ලොකු උත්සාහයක් දරනවා. මාස දෙකක් ඇතුළත ඔවුන් ක්‍රීඩාංගණ පහක්ම ඉදි කළා. අපි ඒ ක්‍රීඩාංගණ නඩත්තු කරනවා.බොහෝ දේවල් සිදු වෙමිනුයි පවතින්නේ ” යයි ද මුරලිදරන් පවසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.