මේ වසරේත් දෙමළ රැඳවියන් 'දූෂණය කරලා' (වීඩියෝ)

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 13 බදාදා - 17:09 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මේ වසර ඇතුලත පවා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් කාන්තාවන් සහ පුරුෂයන් දූෂණය කරන ලද සහ වධ බන්ධන පමුණුවන ලද බවට බීබීසී ලෝක සේවයේ Our World වැඩසටහන කළ ගවේෂණයකදී හෙළි වී තිබේ. හමුදාව ඒ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වසා පැතිර ඇත්තේ සත්කාරක දේශය වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එල්ලවී තිබෙන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන චෝදනා.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නිරන්තරයෙන් ළමා සොල්දාදුවන් හා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදා ගත් ත්‍රස්තවාදීන් පරාජය කළ බව පවසමින්.

කෙසේ වෙතත් ඉතා මෑත සිදුවූ බරපතල අපරාධ පිලිබඳ සාක්ෂි බීබීසීය විසින් හෙළි කොට ගෙන තිබේ.

ලංකාවෙන් බේරී පළා ආ කොටි සංවිධානය සමග සබඳතා සහිත දෙමළ කාන්තාවන් හා පුරුෂයන් කිහිප දෙනකු අපේ හිටපු කොළඹ වාර්තාකාරිය ෆ්රාන්සස් හැරිසන් හා කියා ඇත්තේ මේ අවුරුද්ද තරම් ළඟකදී තමන් වද බන්ධනයටත් ලිංගික දූෂණයටත් පාත්‍රවූ බවයි.

එම ගවේෂණයෙදී හමුවූ පීඩිතයන්ගේ නම් ගම වෙනස් කොට ඇත්තේ ආරක්ෂාව සඳහා.

ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් හට පීඩා කැරෙනු ඇතැයි ඔවුන් තුල ඇත්තේ බියක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.