සමුළුව වර්ජනය කරන්න - ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 12 අඟහරුවාදා - 11:49 GMT
Lee Rhiannon

'පැය තුනකට මගේ නිදහස පැහැර ගත්ත එක ගැන මගේ අවධානය පළ වෙලා තිබුනේ'

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඕස්ට්‍රේලියාව වර්ජනය කළ යුතු බව ශ්‍රී ලංකාවේදී රඳවා ගනු ලැබීමෙන් අනතුරුව යලි සියරට පැමිණ සිටින ලී රියනන් සෙනෙට් සභිකාව ප්‍රකාශ කරයි.

ඇය සහ නවසීලන්ත ජාතික ජෑන් ලොගී මන්ත්‍රීවරිය ඉරිදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබියදී රඳවා ගත් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීහු පැය තුනකට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළහ.

ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම රටවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරන ලී රියනන් සෙනෙට් සභිකවරිය, කෙසේ නමුත් තමන් ශ්‍රී ලංකාවේදී කිසිදු වරදක් නොකළ බව අවධාරණය කරයි.

"මම හිතන්නේ මට සලකපු විදිය වැරදියි. ඇත්තටම මට බයක් දැනුනේ නැහැ, නමුත් පැය තුනකට මගේ නිදහස පැහැර ගත්ත එක ගැන මගේ අවධානය පළ වෙලා තිබුනේ."

මානව හිමිකම් උල්ලංඝන චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ නිරන්තර සංවාදයක යෙදී සිටින බවයි, සෙනෙට් සභිකවරියගේ චෝදනාවට පරතිචාර දක්වන ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනී ජූලී බිෂොප් කියා සිටියේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.