පිලිපීනයේ සුන් බුන් අතර දරු උපත්

  • 11 නොවැම්බර් 2013
philippine
ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය වල අවශ්‍යතාව දැඩි සේ මතු වී තිබේ

පිලිපීන ඉතිහාසයේ දරුණුතම කුණාටුවෙන් ඉතිරි වූ සුන් බුන් අතර තවමත් ජීවත්ව සිටින්නන් සොයා ගැනෙමින් පවතී.

මේ අතර, දිවි බේරා ගත්ත වුන් සඳහා ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය වල අවශ්‍යතාව දැඩි සේ මතු වී තිබේ.

හයාන් කුණාටුව හේතුවෙන් ටක්ලොබන් නගරයේ පමණක් දහස් ගණනක් මරණයට පත්විය.

බීබීසී වාර්තාකරු පවසන අන්දමට මළ සිරුරු ගොඩ ගැසී ඇති මග දෙපස පුරා සුන් බුන් අතර ඉතිරි වූ ගොඩනැගිල්ලක් සොයා ගැනීම ඉතා අසීරු කරුණක් වන අතර කඩසාප්පු කොල්ල කෑමට ලක් වෙමින් පවතී.

සිය ගණනක් ජනතාව උපකාර පතමින් යදින අතර විනාශයට පත් ගුවන් තොටුපලේ සුන් බුන් මැද දරු ප්‍රසූතීන් ද සිදුවී ඇත.

යාබද සේබු දූපතේ උතුරු ප්‍රදේශයේ නගර සියයට අසූවක් විනාශයට පත් වී තිබෙන බව නිල වාර්තාවල දැක්වේ.

දූපතේ පවතින තත්වය දැක තමන් විශ්මය පත් වූ බව එහි සංචාරයක යෙදුන ඔක්ස්ෆාම් පුණ්‍යායතනයේ ටාටා අබේල්ලා බොලෝ බීබීසීයට කියා සිටියාය.

අනතුරට පත් ප්‍රදේශයක සිටින ඇමරිකානු සහන සේවකයෙක් පැවසුවේ උතුරේ පිහිටි මායා ගම්මානයේ නිවෙස් වල අත්තිවාරම දක්වා සමතලා වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර