පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ලංකාව සුදුසු නැහැ - ටීඑන්ඒ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 14 සඳුදා - 12:19 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව විරෝධය පළ කරන දෙමළ ජාතික සන්ධානය, කැනඩාවේ විරෝධයට සහාය පළ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතැම් පොදු රාජ්‍ය මණ්ඩලීය පදනම් හා එකඟතාවයන් කඩ කොට තිබෙන බැවින් එම සමුළුව මෙරට පැවැත්වීම නුසුදුසු බව දෙමළ ජාතික සංවිධානය පවසයි.

TNA logo

සමුළුව වර්ජනය කිරීමට කැනඩාව ගත් තීරණයට ටී. එන්. ඒ. සහය පළකර ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවර සමුළුව වර්ජනය කිරීමට කැනඩාව ගෙන ඇති තීරණයට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කරන බවද එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

කැනඩාව මෙම තීරණය ගෙන තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු කර දැක්වීම සඳහා බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා රජය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදනම් හා එකඟතාවයන් කඩ කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව ද සුමන්දිරන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව විසින් උල්ලංඝනය කළ මූලික මිනිස් අයිතිවාසිකම් මොනවාදැයි දිනසේන රතුගමගේ කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ආණ්ඩුව විසින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් ඉවත් කරනු ලැබුවේ සිදු කළේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් "ලැටිමර් හවුස්" ප්‍රතිපත්තියට අනුකූලව නොවීම එක් නිදසුනක් පමණක් බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.