'කැනඩාව තනි වෙලා' -ජී එල් පීරිස්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 9 බදාදා - 13:06 GMT
G. L. Peiris and Stephen Harper

පොදු රාජ්‍ය මණ්ඩලය තුළ කැනඩාව තනි වී ඇති බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කරයි.

ඔහු මෙම ප්‍රකාශය කළේ පොදු රාජ්‍ය මණ්ඩලයට මූල්‍ය ආධාර සැපයීම පිළිබඳ ව නැවත සිතා බලන බවට කැනඩාව කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින්.

ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බව පැවසෙන මානව හිමිකම් කඩ කිරීම් වලට විරෝධය පෑම සඳහා එකී පියවර ගන්නා බවයි කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් කියා සිටියේ.

‘අභ්‍යන්තර ප්‍රශ්න'

නමුත් විදේශ ඇමති ජී එල් පීරිස් පවසන්නේ වෙනත් කිසිදු පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් කැනඩාවේ ස්ථාවරය සමඟ එකඟ නොවන බවයි.

‘අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වීම පොදු රාජ්‍ය මණ්ඩලයේ සංස්කෘතියට පටහැණි’ බව ජී එල් පීරිස් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ ය.

පොදු රාජ්‍ය මණ්ඩලයට මුදලින් ආධාර සපයන දෙවන ප්‍රධානතම රට වන කැනඩාව සිය අනුග්‍රහය නවතා දැමුව හොත් පොදු රාජ්‍ය මණ්ඩලයට මූල්‍යමය වශයෙන් දැඩි හානි පැමිණෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ පළ වන ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ ය.

පොදු රාජ්‍ය මණ්ඩලයට කැනඩාව විසින් වසරකට පවුම් කෝටියකට අධික මුදලක් වැය කරනු ලැබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.