ලංකාවේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක් - නිරීක්ෂකයෝ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 23 සඳුදා - 14:23 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාවේ සමස්ත මැතිවරණ ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවේ විකෘතියක් විනා පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවේ සමස්ත මැතිවරණ ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවේ විකෘතියක් විනා පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

Elections in Jaffna, Sri Lanka

'අපේ ක්‍රමවේදය තුලම නිදහස් හා සාධාරනභාවය ප්‍රශ්න කරන ස්වභාවයක් දකින්න පුළුවන්'

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මැතිවරණ කඩින් කඩ පැවැත්වීම සහ එක් පක්ෂයක් බලයේ සිටියදී මැතිවරණ පැවැත්වීම හේතුවෙන් එය පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසින් විග්‍රහ කළ නොහැකි බවයි, පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.

ආසියානු කලාපයේ කිසිම රටක මැතිවරණයක් නිදහස් හා සාධාරණ ලෙසින් විග්‍රහ කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

රෝහණ හෙට්ටිආරච්චි ඒ බව කියා සිටියේ සාපේක්ෂව සාමකාමී වූ පමණින් මැතිවරණයක් නිදහස් හා සාධාරණ වන්නේදැයි බීබීසී සංදේශය ඔහුගෙන් කළ විමසීමකදී.

"අපේ ක්‍රමවේදය තුලම නිදහස් හා සාධාරනභාවය ප්‍රශ්න කරන ස්වභාවයක් අපිට දකින්නට පුළුවන්," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්'

විශේෂයෙන්ම උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල මැතිවරණ දිනයේදී ඡන්දදායකයන් බිය ගැන්වීමේ සිදුවීම් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

කෙසේ නමුත් මැතිවරණ දිනය තුල සුළු සිදුවීම් එක සිය හයක් පමණක් වාර්තාවීම හමුවේ පවත්නා ක්‍රමය තුල පැවැත්වුණු මැතිවරණය සාපේක්ෂව සාමකාමී හා සාධාරණ මැතිවරණයක් බව පැෆරල් සංවිධානයේ නිගමනයයි.

මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උතුරේ ඓතිහාසික මැතිවරණය පිළිබඳව ලාංකීය ජනතාවට සුභපැතුම් පිරිනමන ඇමෙරිකා එක්සත් ජනපදය, මැතිවරණ පැවති පළාත් තුනේම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය ඉහල මට්ටමක පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ද සඳහන් කරයි.

කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පවසන එක්සත් ජනපදය, විශේෂයෙන්ම මැතිවරණ සාමය තුල වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්' ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවීම පිළිබඳව එක්සත් ජනපදය විශේෂ කනස්සල්ල පළ කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.