මැතිවරණ පැවැත්වීමට හැකිවීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් - ජනාධිපති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 23 සඳුදා - 17:05 GMT
President Rajapaksa in Vavuniya (file photo)

පාලක සන්ධානය මධ්‍යම සහ වයඹ පලාත්වල ප්‍රබල ජයග්‍රහණයක් අත් කර ගත්තේය

දශක තුනක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති උතුරු පළාතේ මැතිවරණ පවත්වා ජනතාවට අවශ්‍ය පරිපාලනය තෝරා පත් කර ගැනීමේ අයිතිය ලබා දීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

සෙනසුරාදා පැවති උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා, එම මැතිවරණ විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ තීරණාත්මක අවස්ථාවක් ලෙසින්.

මධ්‍යම සහ වයඹ පළාත්වලදී ආණ්ඩුවට පහසු ජයක් අත් වූ අතර, පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රබල පරාජයන්ට මුහුණ දී සිටින නමුත්, හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මධ්‍යම සහ වයඹ පළාත්වලින් ආසන පහක් දිනා ගැනීමට සමත් වී තිබේ.

නිදහස වෙනුවෙන් දිවි පිදූ සෙබළුන්ගේ කැප කිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් මුලුල්ලේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති දේශපාලන පක්ෂ දැන් නිදහස භුක්ති විඳිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මධ්‍යම සහ වයම පළාත්වල ජනතාව මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුමත කොට තිබෙන බව පවසන ජනාධිපති රාජපක්ෂ, පටු අන්තවාදී අදහස් අත් හැර දමා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය උදා කිරීම උදෙසා අත්වැල් බැඳ ගන්නා මෙන් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.