ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පමණක් නොවේ - ඇමෙරිකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 22 ඉරිදා - 12:08 GMT
US State Dept

'සිවිල් පරිපාලනයක් සහ සංහිඳියාව සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ ක්‍රියාවලියක් උතුරු පලාතට අවශ්‍යවේ'

උතුරේ ඓතිහාසික මැතිවරණය පිළිබඳව ලාංකීය ජනතාවට සුභපැතුම් පිරිනමන ඇමෙරිකා එක්සත් ජනපදය, මැතිවරණ පැවති පළාත් තුනේම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය ඉහල මට්ටමක පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ද සඳහන් කරයි.

කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පවසන එක්සත් ජනපදය, විශේෂයෙන්ම මැතිවරණ සාමය තුල වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

සෙනසුරාදා පැවති මැතිවරණ පිළිබඳව සිය ප්‍රතිචාරය පළකරමින් නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, මැතිවරණ පැවැත්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමේත්, ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්වීමේත් අවකාශ සලසා දීමේ වැදගත්කම ද අවධාරණය කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.