කටකතා වලට නො රැවටෙන්න -මැතිවරණ කොමසාරිස්

  • 20 සැප්තැම්බර් 2013

නිල ඡන්ද පත්‍රිකාවක් නැතිව වුනත් ඡන්දය පාවිච්චි කල හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද කොළඹ පැවැත්වුන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කළේය.

ඡන්දය සම්බන්ධයෙන් පැතිර යමින් ඇති කටකතා වලට නො රැවටෙන ලෙසයි කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ.

ඡන්ද දායකයකු නොවන දේශපාලනඥයන්ට හෝ වෙනත් බලවතකුට කිසිසේත්ම ඡන්ද මධ්‍යස්ථාන වලට ඇතුළු වීමට අවසර නැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

මැතිවරණය සඳහා යුද හමුදාව යොදවන ලෙසට තමා මේ වන තෙක් කිසිදු ඉල්ලීමක් කර නැති බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තවදුරටත් කියා සිටියේය.