ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශ පිළිබඳ අධිකරණ ඇමතිගේ විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 6 සිකුරාදා - 17:52 GMT

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය සඳුදා කරන ලද ප්‍රකාශයන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටින බව පවසමින් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කළ කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිශාත් බදියුද්දීන් පවසන්නේ ශ්‍රී ලංකාව පුරා වෙසෙන සියලු මුස්ලිම් වරුන් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් කැප වන්නාවූ රජයක් සියලු ජාතීන් ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල යුතු බව පවසන අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ වර්ගවාදී පටු අදහස්, සුළු ජාතීන් අතරට පමණක් සීමාවූ අදහසක් හෝ මහා ජාතියට ආසාදනය නොවූ පිළිලයක් ලෙස සැලකීමට නොහැකි බවයි.

මුස්ලිම් ජනතාවට එරෙහිව මෙන්ම ඔවුන්ගේ පුද බිම් වලටත් ලබ්ධියටත් එරෙහිව වසරකට වැඩි කාලයක් දිගින් දිගටම එල්ල කෙරෙමින් ඇති ප්‍රකෝපකාරී ප්‍රහාර හමුවේ මුස්ලිම් වර්ගයා දක්වන උපේක්ෂා සහගත බව ඔවුන් ගේ චර්යාව ප්‍රදර්ශනය කරනු ලබන බවද කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිශාත් බදියුද්දීන් ප්‍රකාශ කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.