ෆොන්ටෙරා නිෂ්පාදනවලට වෙළඳ දැන්වීම් තහනමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 2 සඳුදා - 14:17 GMT
Fonterra

වෙළඳ පොලේ පවතින කිරි නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් නිකුත් වී නැති බව පෙත්සම්කරු පවසයි

ෆොන්ටෙරා සමාගමේ කිරිපිටි නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට කරන වෙළඳ ප්‍රචාරක කටයුතු ලබන විසි වැනි දින තෙක් නවත්වන මෙන් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ෆොන්ටෙරා නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් ලැබීමට පෙර ආනයනය කරන ලද නිෂ්පාදන තවමත් වෙළඳපොලේ තිබෙන බව පවසමින් මාතලේ පදිංචි කපිල සාලිය ජයසිංහ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අභියාචනාධිකරණ එම නියෝගය කළේ.

විභාගයේදී කරුණු දැක්වූ නවසීලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු සිය සේවාදායක සමාගමේ කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත බවට ස්වාධීන පර්යේෂණ දෙකකින්ම අනාවරණය වී ඇති බව පැවසූහ.

එහෙත් දැනට වෙළඳ පොලේ පවතින කිරි නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් නිකුත් වී නැති බවයි, පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් කියා සිටියේ.

ෆොන්ටෙරා නිෂ්පාදනවල ඩීසීඩී විෂ රසායනය අඩංගු බවට වාර්තා පළ වීමෙන් අනතුරුව සමාගමේ කම්හල් ඉදිරිපස උද්ඝෝෂණ මතුවීමත් සමඟ සිය සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් මතු වී තිබෙන බව පවසමින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටවූ සමාගම, මෙහෙයුම් යලිත් ආරම්භ කළේ පසුගිය සතියේයි.

සමාගමේ නිෂ්පාදනවලට ශ්‍රී ලංකාවේ බෙදා හැරීම සහ විකිණීම තහනම් කරමින් පනවා තිබූ තහනම් නියෝගයක්ද අධිකරණය පසුගිය සතියේ ඉවත් කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.