ආණ්ඩුවට නියෝග දෙන්න 'නවී පිල්ලේට අයිතියක් නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 28 බදාදා - 13:50 GMT
Navi Pillai arriving in Sri Lanka

රජයට නියෝග දීමට මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරියට කිසිදු අයිතියක් නොමැති බව රජය ප්‍රකාශ කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා එසේ පැවසුවේ, උතුරේ හමුදාව අත්පත් කරගත් ඉඩම් යලි ජනතාවට ලබාදීමට රජය සමග සාකච්ඡා කරන බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කළ ප්‍රකාශයක් පිළිබඳව සංදේශය රජයේ මතය විමසූ අවස්ථාවේ.

"නවී පිල්ලේ මැතිනියට කරන්ඩ පුළුවන් භූමිකාවක් තියෙනවා. මෙහෙ පරීක්ෂණ තියන්ට, රජයට නියෝග දීමට කිසිම අයිතියක් එතුමියට නැහැ, එහෙම කෙනෙක් දෙන නියෝග රජය පිළිගන්නෙත් නැහැ," යනුවෙන් ද ඔහු කියා සිටියේය.

නවනිදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් බව පවසන අමාත්‍යවරයා, මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව කෙරෙහි අභූත චෝදනා නැගීමට නොහැකි වනුඇතැයිද කියා සිටියේය.

මන්දනාගේ නිවසට ප්‍රහාරය

"නවී පිල්ලේ මැතිනියට කරන්ඩ පුළුවන් භූමිකාවක් තියෙනවා. මෙහෙ තියෙන පරීක්ෂණ තියන්ට, රජයට නියෝග දීමට කිසිම අයිතියක් එතුමියට නැහැ, එහෙම කෙනෙක් දෙන නියෝග රජය පිළිගන්නෙත් නැහැ"

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

"ඕනේ නම් අපිට එන්ඩ කියල වීසා නොදී ඉන්න තිබුන අපි එහෙම කළේ නෑ. ජාත්‍යන්තර වශයෙන් නැගෙන ප්‍රශ්නවලට අපි රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කටයුතු කරන්ඩ ඕනේ, අපිට හංගන්න දෙයක් නැනේ."

මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජනාධිපතිවරයා විදේශගත වීම සම්බන්ධයෙන් පලවූ අදහස් පිළිබඳව ප්‍රතිචාරය පළ කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ: "ගොඩක් පුවත්පත් හිතනවා ජනතිපතිවරයා විදේශ නායකයෙක් අවම කොහෙවත් යන්නේ නැතුව අරලියගහ මන්දිරයට වෙලා ඉඳ ඕනේ කියල, කොයි රටකවත් එහෙම වෙන්නේ නෑ,"යනුවෙන්.

රජයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමින සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය රජයේ පාර්ශවකාර පක්ෂ විසින්ම විවේචනය කිරීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ප්‍රජාව ඉදිරියේ අපහසු තාවයකට ලක් වන්නේ නොවේදැයි නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, එය ප්‍රතික්ෂේප කළේ එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හුවා දක්වන්නක් ලෙස පවසමින්.

මාධ්‍යවේදිනී මන්දනා අබේවික්‍රමගේ නිවසට කඩාවැදුණු පිරිස පැමිණියේ ඇය සතුව තිබූ රජයේ දුෂණ ඇතුලත් ලිපිගොනුවක් ලබා ගැනීමට යයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා වලිවෙරියදී චෝදනා කළේය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.