‘ගුවනින් හා මුහුදින්’ නීති විරෝධී යුද ප්‍රහාර

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 27 අඟහරුවාදා - 15:28 GMT

යුද මුක්ත කලාපයක් ලෙස රජය විසින් සීමා කරන ලද පටු බිම් තීරුවකට ගිය පසු මේ ප්‍රහාර එල්ල වුනු බවට සාක්ෂි

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී ආරක්ෂක අංශ විසින් නීති විරෝධී අවි ප්‍රහාර සිදු කොට ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් වී තිබේ.

යුද්ධයේ අවසාන අදියරේ දී රසායනික අවි සහ පොකුරු බෝම්බ ප්‍රහාර වලට තමන් ලක් වූ වග වන්නි වැසියන් සඳුදා වව්නියාව මහ අධිකරණයේ දී ප්‍රකාශ කළැ’යි මානව හිමිකම් නීතීඥ කේ එස් රත්නවේල් ප්‍රකාශ කළේය.

සාක්ෂි කරුවන් ප්‍රකාශ කොට ඇත්තේ යුද මුක්ත කලාපයක් ලෙස රජය විසින් සීමා කරන ලද පටු බිම් තීරුවකට තමන් ගිය පසු මේ ප්‍රහාර එල්ල වුනු බවයි.

ඉන්දීය නෞකාවක්

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට මුහුදින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පිරිසක් මිය ගිය බවටත් අධිකරණය හමුවේ සාක්ෂි ලැබුණු බව නීතීඥ රත්නවේල් කියා සිටියේය.

යුද හමුදාවට භාර දීමෙන් පසු අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා වව්නියාව මහ අධිකරණයේ පැවරූ නඩු දාහතරක් සම්බන්ධ සාක්ෂි විමසීමේ දීයි මේ තොරතුරු ප්‍රකාශයට පත් වී ඇත්තේ.

ශ්‍රී ලංකා රජය එල්ටීටීඊ ය යුද්ධයෙන් පරදවා ලූ 2009 මැයි මාසයට ආසන්න කාල සීමාවේ දී යුද හමුදාවේ ඉල්ලීම පරිදි ආරක්ෂාව පතා භාර වූ පිරිස් අතර මේ ඥාතීන් ද වූ බවයි පැමිණිලි කරුවන් ප්‍රකාශ කරන්නේ.

සාක්ෂිකරුත් අතුරුදහන්

යුද හමුදාවට ඥාතීන් භාර දීමේදී සාක්ෂිකරු වශයෙන් යොදා ගනු ලැබූ යාපනේ ශාන්ත පැට්‍රික් විදුහල්පති ෆ්‍රැන්සිස් ජෝසප් කතෝලික පුජක වරයාද අතුරුදහන් වී ඇති බවට පැවරු නඩුවක්ද මේ අතර ඇත.

ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ දී කිසිදු සාමාන්‍ය වැසියකු මරා නො දැමුණු බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.