නවී පිල්ලේ ආවේ 'ශ්‍රී ලංකාව විවේචනය කරන්න නොවේ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 25 ඉරිදා - 12:41 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

තමා පැමිණියේ ශ්‍රී ලංකාව විවේචනය කිරීමට නොව, රටේ මානව හිමිකම් වාතාවරණය පිලිබඳව අවධානය පළ කිරීමට බව එ ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

තමා පැමිණියේ ශ්‍රී ලංකාව විවේචනය කිරීමට නොව, රටේදී ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වේ නම් ඒ පිලිබඳව අවධානය පළ කිරීමට බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවසයි.

නවී පිල්ලේ ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇගේ කාර්යභාරයට එරෙහිව එල්ල වන විවේචන බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් ඇය වෙත යොමු කරන ලද අවස්ථාවේ.

Navi Pillay in Colombo

'මම මගේම නීති හදා ගෙන නැහැ'

අද ශ්‍රී ලංකාවට ලඟා වූ මහ කොමසාරිස්වරිය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය හමුවීමට පෙර මඳ වේලාවකට මාධ්‍යවේදීන් හමුවූවාය.

"ශ්‍රී ලංකාව ඇතුළු, මුළු ලෝකෙම ආණ්ඩු විසින් එකඟවෙලා සකස් කරලා තියෙන මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලවයි, මගේ නිරීක්ෂණය සිද්ද වෙන්නේ. මම මගේම නීති හදා ගෙන නැහැ," යනුවෙන් ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් මීට පෙර ආණ්ඩුව තමන්ට ආරාධනා කළ නමුත්, උගත් පාඩම් කොමිසමේ වාර්තාව නිකුත් වන තුරු එම සංචාරය පමා කිරීමට තමන් තීරණය කළ බව ද ඇය සඳහන් කළාය.

මේ අතර ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ අපරාධ සියැසින් දුටු අය රහසිගත කඳවුරු වල සිටිය හැකි බව අතුරුදහන් වූවන් සොයා බැලීම සඳහා වන කමිටුව ප්‍රකාශ කරයි.

ඒ කඳවුරු වලට යාමේ ඉඩක් ලබා ගත හැකි වෙතොත් මහ කොමසාරිස් වරියට තොරතුරු හෙළි කර ගැනීමේ අවස්ථාවක් උදාවනු ඇති බව කමිටුවේ ප්‍රධාන ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් බීබීසී සංදේශයට කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.