පාලක සන්ධානය කඳුකරයේ ඇවිලෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 19 සඳුදා - 17:56 GMT

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් අනතුරුව මන්තී‍්‍රවරයෙකුගේ කර්යාලයකටත් අපේක්ෂිකාවකගේ නිවසටත් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම් මන්ත්‍රීවරයාගේ හැටන් පිහිටි කාර්යාලයට සහ එම පක්ෂයේ අපේක්ෂිකාවක් වන එම්. සරස්වතී ගේ නිවසටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පී රාජදොරෙයි සමග ගමන් කරමින් සිටියදී සිය වාහන පෙළකට ප්‍රහාරයක් එල්ල වූ බව පවසන දිගම්බරම් මන්ත්‍රීවරයා, අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් එම ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු බව ද ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ප්‍රහාරය මුලින්ම ආරම්භ කළේ, දිගම්බරම් මන්ත්‍රීවරයාගේ කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් බවයි අමාත්‍ය තොන්ඩමන් පවසන්නේ.

පිල් මාරුව

රාජදොරෙයි මන්ත්‍රීවරයා ඊයේ ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉවත් වී කම්කරු ජාතික සංගමයට සම්බන්ධ විය.

'පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති කම සහ නායකත්වය විසින් තමා කොන් කරනු ලැබීම' නිසා ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉවත් වූ බව රාජදොරෙයි මන්ත්‍රීවරයා බීබීසියට කියා සිටියේය.

මධ්‍යම පළාත් සභාවෙන් වාර්තා වූ බරපතළ ම පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (කැෆේ) පවසන්නේ.

මේ වන විට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා වලින් කැෆේ සංවිධානය වෙත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නවයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයඹ පළාතෙනි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.