දෙමළ කාන්තාවක් දූෂණය කළ බවට හමුදාවට චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 16 සිකුරාදා - 17:52 GMT
TNA

හමුදා සෙබළුන් විසින් කාන්තාව දූෂණය කරන ලදැයි සැක කෙරෙන බව මන්ත්‍රීවරයා පවසයි

කිලිනොච්චියේ, පුනරින්හිදී පුරුෂයන් දෙදෙනකු විසින් දූෂණය කොට රෝහල්ගත කොට සිටින කාන්තාවක් හමුවීමට රෝහල් බලධාරීන් තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පවසයි.

ඇය දූෂණය කොට තිබෙන්නේ හමුදා සෙබළුන් විසින් බවට සැක කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් බීබීසී සංදේශයට කියා සිටියේය.

කාන්තාව දූෂණය කිරීමට පෙර ඇයගේ ඇස සහ කට බැඳීමට යොදා ගන්නා ලද ටී ෂර්ටය ආරක්ෂක අංශ සාමාජිකයන් නිතර භාවිත කරන්නක් බව එම කාන්තාව පොලිසියට දී තිබෙන කට උත්තරයේ සඳහන් බව ද ඔහු පැවසීය.

අදාළ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැති බවයි, පොලිසිය පවසන්නේ.

මේ පිළිබඳව විමසීම පිණිස හමුදා ප්‍රකාශකවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.