වැලිවේරියේ වෙඩි තැබීම ගැන ජනාධිපතිට සන්දේශයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 14 බදාදා - 16:59 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

වැලිවේරියේ දී තිදෙනෙකුට වෙඩි තැබීමට නියෝග දුන්නේ කව්රුන්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව උද්ඝෝෂකයන් කියා සිටියහ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

කොළඹ කොටුව දුම්රිය පොළ අසලට රැස්වූ උද්ඝෝෂකයන් දහස් ගණනක් නිරායුධ වැසියන්ට වෙඩි තැබීම සහ අදහස් ප්‍රකාශ කිරීමට බාධා පමුණුවාලීමට බාධා කිරීම පිළිබඳව ආණ්ඩුවට චෝදනා කරමින් විරෝධතාවක් පැවැත්වුහ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක නායකයින් මෙම අවස්ථාවට සහභාගිවුහ.

වීපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ආණ්ඩුව වෙනස් කිරීමේ වැඩ පිළිවෙලකට තමන් අවතීර්ර්ණය වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කියා සිටියේ දැන් ආණ්ඩුව ජනතාව බිය ගන්වා ඇති හෙයින් විරෝධය පෑමට ඉදිරිපත් වෙන පිරිසේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

වැලිවේරියේ දී තිදෙනෙකුට වෙඩි තැබීමට නියෝග දුන්නේ කව්රුන්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව උද්ඝෝෂකයෝ කියා සිටියහ.

උද්ඝෝෂකයන් පෙළපාලියකින් ජනාධිපති මන්දිරය දෙසට ගමන් ගැනීමට උත්සාහ ගත් අතර පසුව එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ සාමාජිකින් කීප දෙනකුට සන්දේශයක් භාර දීම සඳහා ජනාධිපති කාර්යාලයට ඉඩ ලබා දෙන ලදී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.