පොලිස් අත් අඩංගුවේදී පහරදීම ගැන පරීක්ෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 13 අඟහරුවාදා - 17:54 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලග්ගල පොලිසියේ නිලධාරීන් තමන් සහ සගයෙකුට පහර දුන් බවට චෝදනා කරන තරුණයකු මේ වන විට දඹුල්ල රෝහලේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අත්අඩංගුවේ දී පහර දුන් බවට අලුතින් නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

ලග්ගල පොලිසියේ නිලධාරීන් තමන් සහ සගයෙකුට පහර දුන් බවට චෝදනා කරන තරුණයකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ දඹුල්ල රෝහලේ.

විසි පස් හැවිරිදි නිලන්ත බණ්ඩාර කියා සිටියේ නො කළ වරදකට අමානුෂික අන්දමින් පහර දී බොරු චෝදනා ගොනු කොට තමන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කළ බවයි.

වැලි ව්‍යාපාර

වැලි ප්‍රවාහක රථයක ගැටුණු මවකත් පුතකුත් මියයාම ට විරෝධය පා ලග්ගල හත්තොටඅමුණ ප්‍රදේශයේ ගොම හන්දියේ පැවති මහජන විරෝධතාව

වැලි ප්‍රවාහක ටිපර් රථයක ගැටුණු යතුරු පැදියක සිටි මවකත් පුතකුත් මියයාම ට විරෝධය පා ලග්ගල හත්තොටඅමුණ ප්‍රදේශයේ ගොම හන්දියේ පැවති මහජන විරෝධතාවකින් පසුව පොලිස් ප්‍රහාරයට ලක්වූ බවයි තරුණයන් දෙදෙනා කියා සිටින්නේ.

ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමේ ව්‍යාපාර වලට දේශපාලන බලධාරීන්ගේත්, පොලිසියේත් සහයෝගය ඇතිව පවත්වා ගෙන යන බවයි, තරුණයන්ගේ චෝදනාව.

එය ප්‍රතික්ෂේප කරන මාතලේ සහකාර පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ අප කළ විමසීමක දී කියා සිටියේ තද බල පහර දීමක් සිදු වී නැති බවයි.

තරුණයා රෝහල්ගත වී ඇත්තේ අධිකරණයෙන් ‘ඇප දී නිදහස් කිරීමෙන් පසුව’ බව කී සහකාර පොලිස් අධිකාරී වරයා ඔහුගෙන් බදාදා කට උත්තර ලබා ගැනීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.