ආණ්ඩුවෙන් විපක්ෂයෙන් පොලිසියට දැඩි ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 11 ඉරිදා - 17:34 GMT

මුස්ලිම් ප්‍රජාවට සහ සිද්ධස්ථාන වලට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියා වැලක්වීමට ක්‍රියාත්මක නොවන බවට ආණ්ඩුවේත් විපක්ෂයේත් මුස්ලිම් නායකයෝ පොලිසියට චෝදනා කරති.

දැඩි ස්වරයෙන් යුතුව ඉරිදා සවස් යාමයේ මුස්ලිම් ඇමති වරුන් අට දෙනකු සමගින් ප්‍රකාශයක් නිකුත් කරන බස්නාහිර ආණ්ඩුකාර වරයා, ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය ‘කලින් දැනුවත්ව සැලසුම් සහගතව කරන ලද්දක් බවයි.

‘යකඩ මල්ල’

කොස්ගස් හන්දියේ මුස්ලිම් දේවස්ථානයට පහර දුන් කලහකාරීන් පොලිසියටත් පහර දුන් බව බීබීසී සංදේශය සමගින් කියා සිටි ආණ්ඩුකාර අලවි මවුලානා, ‘යකඩ මල්ලට ගුල්ලො ගහල නම්, හාල් මල්ල ගැන බලන්න දෙයක් නෑ,’යනුවෙන් සඳහන් කළේය.

පොලිසිය ආගම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට පියවර නොගැනීම පිලිබඳ ආණ්ඩුවේ මුස්ලිම් නායකත්වයේ චෝදනාව එක්සත් ජාතික පක්ෂයෙන්ද කොළඹදී එල්ල විය.

‘පොලිසිය බලා සිටියදී’

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ රජය ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය පිළිබඳව කල් තියා දැන සිටි බවයි.

වැලිවේරියේ වතුර ඉල්ලා සිටි ජනතාවට හමුදාව යොදවා රජය ‘ම්ලේච්ඡ ලෙස’ ප්‍රහාරයක් එල්ල කළත්, කොස්ගස් හන්දියේදී මුස්ලිම් දේවස්ථානයට පහර දෙද්දී බලා සිටි පොලිසිය ‘අවම බලය හෝ’ යෙදවූයේ නැති බවයි එජාප පළාත් සභා මන්ත්‍රීවරයා පවසන්නේ.

'පල රහිත ඇල් මැරුණු'

මුස්ලිම් ප්‍රජාව සහ දේවස්ථාන වලට මීට ඉහත ප්‍රහාර වැදුනු අවස්ථා වලදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියම කොට තිබෙන ආයතන ගත් පියවර 'පල රහිත හා ඇල් මැරුණු,' හෙයින් අන්ත වාදී බලවේග එමගින් තවත් දිරිමත් වී ඇති බවයි ඔවුන්ගේ නිවේදනයේ සඳහන් වන්නේ.

මේ ප්‍රහාරය 'කණගාටුදායක හා නිවට' එකක් ලෙසින් හඳුන්වන ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්, ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.