රවිඳු ගුණවර්ධන තවදුරටත් රිමාන්ඩ්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 9 සිකුරාදා - 11:58 GMT
Ravindu Gunawardene broght to court on Friday

රවිඳු ගුනවර්ධන පැපිලියානේ නිවසක සඟ වී සිටියදී අත් අඩංගුවට පත් වී තිබේ

කෝටිපති ව්‍යාපාරික මොහමඩ් ශියාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනා එල්ල වී තිබෙන රවිඳු ගුණවර්ධන ලබන දාහතර වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකස්රණය නියෝග කළේය.

ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනා මත වැඩ තහනමට ලක් වී සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත්‍රයා රහස් පොලිසිය විසින් පසුගිය බදාදා අත් අඩංගුවට ගනු ලැබුවේ පැපිලියානේ නිවසක සඟ වී සිටියදී.

සැකකාර රවිඳු ගුණවර්ධන ඇදුම රෝගයෙන් පෙලෙන බැවින් ඔහු සියා පියා සමඟම වැලිකඩ බන්ධනාගාරයේ රඳවන්නැයි ඔහුගේ නීතිවේදීන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරය පළ කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, එය බන්ධනාගාර අධිකාරිවරයා විසින් ගත යුතු තීන්දුවක් බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.